CID ප්‍රධානීන්ට නොදන්වා, කරුණු වාර්තා කළ CID මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කෙරේ

CID ප්‍රධානීන්ට නොදන්වා, කරුණු වාර්තා කළ CID මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කරයි

CID ප්‍රධානීන්ට නොදන්වා, කරුණු වාර්තා කළ CID මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් මූලස්ථානයට මාරු කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ටද හරිහැටි නොදන්වා, මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉන්දුක සිල්වා පොලිස් මූලස්ථානයට මාරු කර යැවිමට කටයුතු කර තිබේ.

එයට හේතුව වී ඇත්තේ මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් සහ තවත් කාන්තාවකට අදාලව ඉන්දුල සිල්වා නිලධාරියාගේ ක්‍රියා කලාපය පිළිබද පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් ආරම්භ කර ඇති විමර්ශන දෙකකි. දෙවැනි සිදුවීම කාන්තාවකගේ පසුපස ප්‍රදේශය දුම්රියේදී රහසින් වීඩියෝ කර දුම්රිය මගීන්ට හසු වීමේ සිදුවීමකි.

ඉන්දුල සිල්වා විසින් පසුගිය සතියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද හෙළිදරව් කිරීම් සිදුකළ මාධ්‍ය වේදී තරිදු ජයවර්ධනට එරෙහිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනතේ ඇතැම් වැරදි උපුටා දක්වමින් කරුණු වාර්තා කිරීමක් සිදු කර තිබුණු අතර ඒ මත පදනම් වී තරිදු ජයවර්ධනට එරෙහිව පියවර ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.

එහිදී තරිදු ජයවර්ධනගේ වාර්තාකරණය ‘අපරාධමය‘ ආකාරයෙන් හුවා දැක්වීමට එම ස්ථානාධිපතිවරයා කටයුතු කළේය. එයට එරෙහිව විශාල සමාජ සංවාදයක් ඇති වූ අතර, එම ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය පෙන්වාදෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු දැක්වීමට මාධ්‍යවේදී තරිදු ජයවර්ධන කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත් පසුව හෙළි වුණේ, එම අවසර ඉල්ලීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියගෙන් විමසීමක් නොකර බවය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශන සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය විසින් අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *