පේරු රාජ්‍යයේ ලැව්ගිනි හටගැනීම් වාර්තාගත ලෙස ඉහළට

පේරු රාජ්‍යයේ ලැව්ගිනි හටගැනීම් වාර්තාගත ලෙස ඉහළට

පේරු රාජ්‍යයේ ලැව්ගිනි හටගැනීම් වාර්තාගත ලෙස ඉහළට

පසුගිය සති කීපය තුළදී පේරු රාජ්‍යයෙන් ලැව්ගිනි හටගැනීම් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

ලැව්ගිනි හේතුවෙන් පේරු රාජ්‍යයේ හරිත පද්ධතියට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

තෘණ භූමි, වනාන්තර, වෙරළ ආශ්‍රිත කලාප හා පේරු රාජ්‍යයට අයත් ඇමර්සන් වැසි වනාන්තරයෙන්ද මේ වනවිට ලැව්ගිනි වාර්තා වනවා.

උතුරුදිග පේරු රාජ්‍යයේ නගර රැසකින් ජනතාව ඉවත්කිරීමටද පියවර ගෙන ඇති බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.

පේරු රාජ්‍යයට අයත් ඇමර්සන් වනාන්තරයේ වාසය කරන ජගුවර් සත්වයින්ට ලැව් ගිනි හේතුවෙන් පලායාමට ස්ථානයක් නොමැතිවීමත් සමග මියයාමේ තර්ජනයකට මුහුණදී සිටින බව පරිසරවේදීන් පවසා සිටිනවා.

මෙම වසර තුළදී මේ වනවිට පේරු රාජ්‍යයෙන් 10,400කට ආසන්න ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ගෝලීය ලැව්ගිනි තොරතුරු පද්ධතිය නිවේදනය කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *