ලංකාවේ දිනකට සියදිවි හානි කරගැනීම් 8ක්, අවුරුද්දකට 3000ක්

ලංකාවේ දිනකට සියදිවි හානි කරගැනීම් 8ක්; අවුරුද්දකට 3000ක්

ලංකාවේ දිනකට සියදිවි හානි කරගැනීම් 8ක්; අවුරුද්දකට 3000ක්

සියදිවි නසාගැනීම් මාධ්‍ය හරහා වාර්තා කිරීමේදී අදාළ ආයතන මෙන්ම මාධ්‍යවේදීන්ද දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිනකට දළ වශයෙන් සිය දිවි නසාගැනීම් 08ක් පමණ ලංකාව තුළ සිදු වන බවයි.

තරුණ ජීවිතවලින් වැඩි සංඛ්‍යාවක් අහිමි වන්නේ සියදිවි නසා ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා සදහන් කරනවා.
ලංකාව තුළ අවුරුද්දකට සියදිවි නසා ගැනීම් 3000ක් පමණ වාර්තා වනවා.

සියදිවි නසාගැනීමේ සිද්ධියක් මාධ්‍යයක් තුළින් වාර්තා කිරීමේදී සියලු තොරතුරු ඇතුළත්ව තවත් කෙනෙකුට සියදිවි නසා ගැනීමට පෙළ‍ඹෙන ආකාරයට එය වාර්තා කිරීමෙන් වළකින්නැයි වෛද්‍යවරුන් ඉල්ලා සිටිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *