පාස්කු ගැන හෙළිකළ තරිදුට එරෙහිව උසාවියෙන් CIDය නියෝගයක් ඉල්ලයි

පාස්කු ගැන හෙළිකළ තරිදුට එරෙහිව උසාවියෙන් CIDය නියෝගයක් ඉල්ලයි

පාස්කු ගැන හෙළිකළ තරිදුට එරෙහිව උසාවියෙන් CIDය නියෝගයක් ඉල්ලයි

ජනමාධ්‍ය නිදහස පිළිබද ඉතා බිහිසුණු පූර්වාදර්ශයක් සපයමින් මාධ්‍යවේදී තරිදු ජයවර්ධනගේ වාර්තාකරණයකට එරෙහිව උසාවි නියෝගයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද නව ආණ්ඩුවේ උපදෙස් මත විමර්ශන ආරම්භ කරන බව පසුගිය කාලසීමාවේදී ආණ්ඩුවේ ප්‍රධානීන් ප්‍රකාශ කර තිබුණු අතර, එයින් පසු නව ආණ්ඩුව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර ඇති පළමු කටයුත්තක් වන්නේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද වැඩිම හෙළදරව් ප්‍රමාණයක් සිදු කළ මාධ්‍යවේදියාට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමය.

පාස්කු ප්‍රහාරයට අදාලව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට එරෙහිව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා කළ පැමිණිල්ලකට අදාල විමර්ශනයට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන දිගින් දිගටම බාධා කරන බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉන්දුක ද සිල්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එහිදී බී වාර්තාවක් ඉදිරිපත් කොට තරිදු ජයවර්ධන විසින් පළ කරන ලද වීඩියෝවක ඇති සම්පුර්ණ කරුණු දැක්වීම් සදහන් කොට, එම ක්‍රියා කලාපය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ඉදිරි විමර්ශන කටයුතුවලට හානියක් බවත්, බලපෑම් සිදුව ඇති බවත් සදහන් කොට ‘මෙම මාධ්‍යවේදි තරිදු ජයවර්ධන යන අයට එරෙහිව ගරු අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.‘ යනුවෙන් සදහන් කර තිබේ. එහි සදහන් කර ඇත්තේ ඔහු මීඩියා එල්කේ නාළිකාවේ සිදු කරන ලද වාර්තාවන් මත පදනම්වය.

ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් විසින් නියෝග කර ඇත්තේ, සිදුවීම පිළිබද විමර්ශනය කොට ජනවාරි 15 වැනිදා වන විට වාර්තාවක් ලබා දෙන ලෙසය.

එමෙන්ම, තරිදු ජයවර්ධන පිළිබද දීර්ඝ වාර්තාවක් ලබා දී ඇතත්, ඔවුන්ගේ විමර්ශනය හෙවත් සිදුවීමට අදාල අපරාධකාරී තත්වය පිළිබද කරුණු දැක්වීම සදහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා තිබේ.

මාධ්‍යවේදී තරිදු ජයවර්ධන පසුගිය වසර කිහිපය තුළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ගවේෂණාත්මක හෙළිදරව් ගණනාවක් සිදු කළ අතර සැගවුණු සාක්ෂි ගණනාවක් හෙළිදරව් කිරීමට කටයුතු කළේය. හාදියාගේ සාක්ෂිය, පොඩි සහරාන්, සාරා ජැස්මින් මෙන්ම සුරේෂ් සලේගේ සම්බන්ධය පිළිබද විශාල කරුණු ගණනාවක් හෙළිදරව් කරන ලද්දේ තරිදු ජයවර්ධන විසින්ය. ඔහුගේ වාර්තාකරණයන් සහ ඔහු විසින් එක්රැස් කරන ලද කරුණු පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් ගණනාවකදීද පාවිච්චි කරනු ලැබීය.

සාරා සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කළ විමර්ශනයක නවතම තොරතුරු පසුගියදා සංවාදයකදී හෙළිදරව් කළ අතර ඔහු සඳහන් කළේ සයින්දමරුදු පිපිරීමෙන් පසු එම නිවසෙ සිට කෙනකු පැනගත් බවට සාක්කි ඇති බවයි.

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු සුරේෂ් සලේ දිගින් දිගටම තනතුරේ තබාගෙන සිටින බව පෙන්වාදෙමින් ඔහු විසින් ප්‍රශ්න කරන ලද අතර, ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සුරේෂ් සලේ පිළිබද පියවර ගන්නා ලෙස ඉල්ලීම් කළේය. ඒ අනුව සුරේස් සලේ ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන ලදී.

තරිදු ජයවර්ධන පිළිබද කරුණු වාර්තා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සිය වාර්තාකරණයන් මගින් කඩ කර ඇත්තේ කුමන නීතියදැයි ඍජුව ප්‍රකාශ කර නොමැති නමුත්, එහිදී එම දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර ඇත්තේ ඔහු විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත උල්ලංඝනය කර ඇතැයි හැගවෙන ආකාරයටය.

වත්මන් රජය එම පනත අහෝසි කරන බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සදහන් කර නොතිබුණු අතර, එම පනත අහෝසි කරන ලෙස බලපෑම් කරන කණ්ඩායම් අතර මාධ්‍යවේදී තරිදු ජයවර්ධනද සිටී.

තරිදු ජයවර්ධන සිය යූටියුබ් නාළිකාවෙන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවල විමර්ශනවලට බාධා වන ආකාරයෙන් අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ දර්ශන දිගින් දිගටම යූටියුබ් නාළිකාවේ ප්‍රචාරය කරමින් සිටින බව එහි සදහන් කර තිබේ.

ඒ අනුව ඔහුට එරෙහිව පියවරක් ගතහොත් ඔහු සිදු කළ වරද වනු ඇත්තේ, අදහස් ප්‍රකාශනය වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *