පාකිස්ථාන රැඳවියන් 56ක් එරටටම භාර දෙයි

පාකිස්ථාන රැඳවියන් 56ක් එරටටම භාර දෙයි

පාකිස්ථාන රැඳවියන් 56ක් එරටටම භාර දෙයි

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගතව සිටි පාකිස්ථාන ජාතික සිරකරුවන් 56ක් සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම් යටතේ පාකිස්තානයට මාරුකර යැවීම පසුගිය ඉරිදා දිනයේදි (06) සිදු වී තිබෙනවා.

මෙම සිරකරුවන් 56 දෙනා මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරදඬුවම් ලබමින් සිටි අතර ඔවුන්ගෙන් 05 දෙනකු කාන්තා රැඳවියන් බවයි වාර්තා වන්නේ.

සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම් 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ, බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වැඩිම රැඳවියන් පිරිසක් මේ ආකාරයෙන් හුවමාරුව සිදු කරන ප්‍රථම අවස්ථාව මෙය වන බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසනවා.

කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණි පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 64ක් භාරයේ පාකිස්ථාන රජයට අයත් අංක A320 දරණ ගුවන් යානය මගින් මෙම සිරකරුවන් එරටට පිටත් කර යවා තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *