බාර් පර්මිට් දුන් හා ගත් මන්ත්‍රීන්ගේ නම් හෙළි කරන්න – එම්.ඒ සුමන්තිරන්

බාර් පර්මිට් දුන්න, ගත්ත මන්ත්‍රීන්ගේ නම් හෙළි කරන්න - එම්.ඒ සුමන්තිරන්

බාර් පර්මිට් දුන්න, ගත්ත මන්ත්‍රීන්ගේ නම් හෙළි කරන්න - එම්.ඒ සුමන්තිරන්

පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන්ම රට පුරා සුරාසැල් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ විනිවිදභාවයේ අවශ්‍යතාවද හෙතෙම පෙන්වා දෙයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම සුරාසැල් විවෘත කිරීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුව නිකුත් කරන ලෙසද ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

“රට පුරා සුරාසැල් සම්බන්ධයෙන් පුළුල් ප්‍රශ්නයක් පවතිනවා. මෙම බලපත්‍ර අනුමත කිරීමට නිර්දේශ කළේ කුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ දේශපාලනඥයන්ද යන්න මහජනතාව දැනගත යුතුයි. ඉදිරි මැතිවරණයට පෙර මෙය ප්‍රසිද්ධියට පත්කළ යුතුයි. එවිට ඊට සම්බන්ධ පුද්ගලයන් අනාගතයේදී තනතුරුවලින් ඉවත් කළ හැකි වෙනවා. මත්පැන් අලෙවිසල් වැඩිවීම තරුණ පරම්පරාවට අහිතකර බලපෑම් ඇති කරමින් සැලකිය යුතු සමාජ ප්‍රශ්නයක් මතුකර තිබෙනවා. සුරාසැල් ව්‍යාප්ත කිරීමට රහසිගතව පහසුකම් සැලසූ දේශපාලනඥයන් සහ පුද්ගලයන් ජනතාව අතරට ගෙන ආ යුතු වෙනවා. ඇතැම් පුද්ගලයන් මූල්‍ය වාසි තකා මත්පැන් බලපත්‍ර විකුණා ලාභ ලැබූ බවට තොරතුරු පවතිනවා. විශේෂයෙන්ම වත්මන් ආර්ථික අර්බුදය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය වරප්‍රසාද ලබාදී තිබෙනවා.

මෙම අතිරික්ත ප්‍රතිලාභ අඩු කිරීම සඳහා අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ආර්ථික දුෂ්කරතා ඇති අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි වරප්‍රසාද භුක්ති විඳීම සුදුසු නැහැ. අනවශ්‍ය ප්‍රතිලාභ අවම කිරීම සහ පාලනයේ විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම තීරණාත්මක බව ප්‍රකාශ කරමින් වරප්‍රසාද අඩු කිරීම සඳහා තම පක්ෂයේ සහාය ලබාදෙනවා. ඉදිරි මහ මැතිවරණය සඳහා තම පක්ෂයේ නාමයෝජනා ලබාදීමේ කටයුතු පිළිබඳ නව තරුණ මුහුණු හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන් කාන්තාවන් අපේක්ෂකත්වය සඳහා දිරිමත් කිරීමට අවශ්‍ය වෙනවා” යැයි වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *