ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති වැඩ භාර ගනී

0
වරාය අධිකාරියට නව සභාපති වැඩ භාර ගනී

වරාය අධිකාරියට නව සභාපති වැඩ භාර ගනී

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා බ්‍රහස්පතින්දා දිනයේ (03) වැඩ භාර ගැනීම සිදුවිය.

1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා 2015 වර්ෂයේ දී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට පත් විය.

අනුරාධපුර ශාන්ත ජෝශෆ් විද්‍යාලය හා අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ සිරිමෙවන් මහතා පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් යුද අධ්‍යාපනය හා ආරක්ෂක කළමණාකරණය පිළිබඳ ඵීක්‍ උපාධියද, මධුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක හා උපාය මාර්ගික අධ්‍යාපනය පිළිබඳ දර්ශනශූරි උපාධියද හිමිකර ගෙන තිබේ.

සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තමසේවා පදක්කම් ලාභියෙකුද වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com