06වන ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියේ දී ලංකික සිසුන්ට රන් පදක්කම්

06වන ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියේ දී ලංකික සිසුන්ට රන් පදක්කම්

06වන ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියේ දී ලංකික සිසුන්ට රන් පදක්කම්

ග්‍රීසියේ පැවති 06වන ලෝක අභියෝග්‍යතා රොබෝටික්ස් තරගාවලියට (06th Global Challenge Robotic Competition) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසුන් 05 දෙනෙකු, ඉංජිනේරු නිර්මාණයක් (Engineering Deign Best in World) ඉදිරිපත් කර, එම තරගාවලියේ ලෝකයේ විශිෂ්ඨතම ඉංජිනේරු නිර්මාණයට හිමි ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනා ගෙන ඊයේ එනම් සැප්තැම්බර් 30 වනදා සඳුදා දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම තරගාවලිය ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඉකුත් 09/26 දින සිට 09/29 දින දක්වා ලෝකයේ රටවල් 193ක තරගකරුවන් 1,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

එහිදී මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ ඉංජිනේරු නිර්මාණය ලෝකයේ සියලුම රටවල් අභිබවා ප්‍රථම ස්ථානයට පත් වී තිබුණි. මෙම තරගාවලියේ දෙවන ස්ථානය කොලොම්බියාවටත්, තෙවන ස්ථානය ඉන්දියාවටත් හිමි වී තිබුණි.

රවීන් අකුරැටියාව, තරුල් සේනානායක, හිවීන් රාමචන්ද්‍ර, සුපුල් බද්දේගම සහ මලීක රැඩිගල මෙම තරගාවලියේ දී රන් පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් වූහ.

ශ්‍රී ලංකා සිසුන් පිරිස මෙම තරගාවලිය වෙත ඉදිරිපත් කළ මෙම නිර්මාණයට හිමි වූ ලකුණු මත, මෙම ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ථ තරගාවලියේ, අනෙකුත් රටවල් අභිබවා 06 වන ස්ථානය දිනා ගැනීමටද සමත් වී තිබුණි.

ඔවුන් 09/30 දින රාත්‍රී 08.45ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔවුන් පිළිගැනීම සදහා මෙම සිසුන්ගේ දෙමාපියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *