ස්වාධීන රූපවාහිනිය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිර්මාණ මිලට ගනියි

ස්වාධීන රූපවාහිනිය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිර්මාණ මිලට ගනියි

ස්වාධීන රූපවාහිනිය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු නිර්මාණ මිලට ගනියි

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ටෙලි නාට්‍ය මිලදී ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවය තීරණය කර තිබේ. ඒ අනුව ටෙලි නාට්‍ය නිෂ්පාදකයින්ට සහ නිර්මාණවේදීන්ට සිය නිර්මාණ කඩිනමින් ස්වාධීන රූපවාහිනී සේවය වෙත ඉදිරිපත් කරන ලෙස එම ආයතනය ඉල්ලීමක් කරයි.

මෙහි දී නිසි ක්‍රමවේදයක් සහිත පැහැදිලි ඇගයුම් ක්‍රියාවලියක් ඔස්සේ තෝරා ගන්නා ටෙලි නිර්මාණ ස්වාධීන රූපවාහිනී සේවයේ රූපවාහිනී සහ ඩිජිටල් අවකාශයේ විකාශනය කිරීමට කටයුතු කරයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලේකම්, මිලදී ගැනීම් කමිටුව, ස්වාධින රූපවාහිනී මාධ්‍ය ජාලය. වික්‍රමසිංහපුර, බත්තරමුල්ල ලිපිනයෙන් හෝ 076691 3863 දුරකතන අංකයෙන් ලබාගත හැකිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *