නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට සංචාරය කිරීමෙන් වළකින්න

බ්‍රික්ස් සාමාජිකත්වය ලබාගැනීම ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්
නැවත දැනුම් දෙන තුරු ලෙබනනයට සහ සිරියාවට සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය එසේ සඳහන් කළේ, එම රටවල් තුළ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.
ලෙබනනයේ සහ සිරියාවේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින් දැඩි අවධානයෙන් පසුවන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
තවද, බේරූට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඩැමස්කස් නුවර පිහිටි කොන්සල් කාර්යාලය සමග නිරතුරුවම සම්බන්ධවී සිටින ලෙසද ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි.