ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර තිබෙනවා.

ඒ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ව්‍යවස්ථාදායක සභාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නියෝජිතයා ලෙස පත් කර තිබුණේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වන අතර, හිටපු ජනාධිපතිවරයාගේ ධුරය අහෝසි වීමත් සමග නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ව්‍යවස්ථා සභා නියෝජිත ධුරයද අහෝසි වුණා.

ඒ අනුව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා පත් කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියද ඊළඟ පාර්ලිමේන්තුව රැස්වන තෙක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *