නිලන්ත ජයවර්ධනට අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා

0
නිලන්ත ජයවර්ධනට අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා

නිලන්ත ජයවර්ධනට අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබේ.

නීතිපතිවරයා විසින් සිකුරාදා (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියම කළ රුපියල් මිලියන 75ක වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම මත මෙලෙස චෝදනා ගොනු කර ඇති බවය.

ඒ අනුව නිලන්ත ජයවර්ධන මහතාට ඔක්තෝබර් මස 07 වනදා පෙරවරු 9.30ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com