ජපාන රජයේ ආධාර යටතේ නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරිමට සැලසුම්

ජපාන රජයේ ආධාර යටතේ නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන්න යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාව සමග තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවද හෙතෙම පවසයි.
බ්‍රහස්පතින්දා දිනයේ (26) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදී ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.
ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන බව ජපාන තානාපතිවරයා මෙහිදී පවසා ඇත.
ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.
එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මීට ඇතුළත් බව ජපාන තානාපතිවරයා වැඩදුරටත් පැවසීය.