ලොව වැඩිම අවදානම සහිත රට කොලොම්බියාව; එයින් ආසියාවේ මුල්තැන පාකිස්තානයට

ලොව වැඩිම අවදානම සහිත කොලොම්බියාව; ආසියාවේ මුල්තැන පාකිස්තානයට

ලොව වැඩිම අවදානම සහිත කොලොම්බියාව; ආසියාවේ මුල්තැන පාකිස්තානයට

මේ වසරට නිකුත් කර ඇති ගැටුම් සම්බන්ධව ලොව වැඩිම අවදානම සහිත රටවල් ලැයිස්තුවේ මුල්තැනට කොලොම්බියාව පත්වී ඇතැයිද, රටවල් 10ක් ඇතුළත් එම ලැයිස්තුවේ තුන්වැනි තැනට පාකිස්තානය පත් වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගැටුම් අවදානම වැඩිම රටවල් 10 ලැයිස්තුවට ඇතුළත් එකම ආසියාතික රටද පාකිස්තානය බවද වාර්තා වේ. මීට ස්වාභාවික අනතුරු අවදානම වැඩිම රටවල් 15ක ලැයිස්තුවක්ද නිකුත් කර ඇති අතර, පාකිස්තානයද ඊට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජර්මනිය කේන්ද්‍ර කරගත් සාමය සඳහා වන ජාත්‍යන්තර නීතිය හා සන්නද්ධ ගැටුම් පිළිබඳ ආයතනය එම වාර්තාව වාර්ෂිකව නිකුත් කරනු ලබයි.

කොලොම්බියාව, බ්‍රසීලය, පාකිස්තානය, මෙක්සිකෝව, මියන්මාරය, නයිජීරියාව, ලෙබනනය, ඉරාකය, සුඩානය සහ ඊශ්‍රායලය එම ලැයිස්තුවට ඇතුළත් වන අතර, ස්වභාවික අනතුරු අවදානම වැඩිම රටවල් 15 ලැයිස්තුවට පිලිපීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, කොලොම්බියාව, මෙක්සිකෝව, මියන්මාරය, මොසැම්බික්, රුසියාව, බංග්ලාදේශය, පාකිස්තානය, පේරු රාජ්‍යය, පැපුවා නිව්ගිනියා, මැඩගස්කර්, සෝමාලියාව සහ යේමනය ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *