නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද එනම් අඟහරුවාදා දින (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

මේ අතර පත්කෙරුණු කැබිනට් අමාත්‍යධූර පහත පරිදි වේ:

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යට‌තේ
01. ආරක්ෂක
02. මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03. බලශක්ති
04. කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යංශය පවතී.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය යටතේ
05. අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06. අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
07. කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා
08. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
09. සෞඛ්‍ය යන අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේය.

විජිත හේරත් මහතා
10. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
11. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12. මහජන ආරක්ෂක
13. විදේශ කටයුතු
14. පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
15. ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් යන අමාත්‍ය ධුරවල දිවුරුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. තුයියකොන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *