ඉන්දියාවෙන් මාලදිවයිනට ඇ.ඩො මිලියන 50ක තෑග්ගක්

ඉන්දියාවෙන් මාලදිවයිනට ඇ.ඩො මිලියන 50ක තෑග්ගක්

ඉන්දියාවෙන් මාලදිවයිනට ඇ.ඩො මිලියන 50ක තෑග්ගක්

ඇමෙරිකා ඩොලර් මිලියන 50ක අයවැය ආධාර මාලදිවයිනට ලබාදීම සඳහා ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය රජය මාලදිවයිනට අයවැය සහාය ලබාදීම සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ අමාත්‍ය මුසා සමීර් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් වෙත ස්තූතිය පළ කර තිබෙනවා.

ඉන්දීය රජයේ අයවැය සහාය පිළිබඳ නිවේදනය හරහා දෙරට අතර පවත්නා කල්පවත්නා බැදීම මනාව පිළිඹිබු වන බවයි මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පවසන්නේ.

මාලදිවයින් මුදල් අමාත්‍යාංශය නිකුත් කරන ලද ඇමෙරිකා ඩොලර් මිලියන 50ක භාණ්ඩාගාර බිල්පත් කල්පිරීමෙන් පසු තවත් වසරක කාලයක් සඳහා ලබාගැනීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

මීට පෙරද ඉන්දියාව විසින් මැයි මස 13වන දින ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක භාණ්ඩාගාර බිල්පත් ලබා ගනිමින් මාලදිවයිනට මූල්‍ය සහාය ලබාදී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *