ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීම උදෙසා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වී සිකුරාදා දිනයේ (19) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීය.

මැතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබේ.

එසේම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *