ඊශ්‍රායලයට එරෙහිව එ.ජා මහ මණ්ඩලයේ දී යෝජනාවක් සම්මත වේ

0
ඊශ්‍රායලයට එරෙහිව එ.ජා මහ මණ්ඩලයේ දී යෝජනාවක් සම්මත වේ

ඊශ්‍රායලයට එරෙහිව එ.ජා මහ මණ්ඩලයේ දී යෝජනාවක් සම්මත වේ

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ප්‍රදේශ නීතිවිරෝධිව ආක්‍රමණය කිරීම මාස 12ක් ඇතුළත් අවසන් කළයුතු බවට වන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ දී සම්මත වී තිබේ.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් පලස්තීනය විසින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට පසුගිය අඟහරුවාදා (18) දින ඉදිරිපත් කරනු ලැබීය.
එහිදි රටවල් 124ක එකඟතාවයෙන් යුතුව එම යෝජනාව සම්මත වී ඇත. එම යෝජනාවට විරුද්ධව රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රටවල් 43ක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ.

අදාළ යෝජනාව මගින් දක්වා ඇත්තේ නැගෙනහිර ජෙරුසෙලම ඇතුළු ඊශ්‍රායලය ආක්‍රමණය කර ඇති පලස්තීන භූමි ප්‍රදේශවලින් එම හමුදා ඉවත් විය යුතු බවය. තවද සිදු වූ හානිය සඳහා පලස්තීනුවන්ට වන්දි ගෙවන ලෙසටද ඊශ්‍රායලයෙන් ඉල්ලීම් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com