මාලදිවයිනේ ණය වර්ගීකරණය පහතට

0
මූඩීස් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි ඉහළ දමයි

මූඩීස් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි ඉහළ දමයි

ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර තිබේ.

එරට නව ජනාධිපතිවරයා යටතේ ගත් ක්‍රියාමාර්ග මෙම වත්මන් ආර්ථික අර්බුදයට හේතුවී ඇති බවට චෝදනා එල්ල වන බව විදෙස් මාධ්‍ය පවසයි.

මාලදිවයින පසුගිය කාලයේ සැලකුණේ දකුණු ආසියාවේ ඉහළ ඉල්ලුමක් සහිත සංචාරක ගමනාන්තයක් ලෙසය.

එහෙත් එරට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසු බලයට පත්වීමෙන් පසු ගනු ලැබූ ඇතැම් පියවර හේතුවෙන් මාලදිවයින මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියි.

මාලදිවයිනේ ණය වර්ගීකරණය පහත හෙළීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් කටයුතු කර ඇත්තේ එවන් පසුබිමකය.

ඒ අනුව මීට පෙර CAA1 මට්ටමේ පැවති මාලදිවයින් ණය ශ්‍රේණිගත කිරීම CAA2 මට්ටම දක්වා පහත හෙළා තිබේ.

මූඩීස් ආයතනයට අනුව මේ වනවිට මාලදිවයිනේ විදෙස් මුදල් සංචිතය පවතින්නේ අමෙරිකානු ඩොලර් මිලියන 50ට වඩා පහත අගයකය.

එමෙන්ම, 2026 වසරේදී කල්පිරීමට නියමිත ඉස්ලාමීය බැඳුම්කර වර්ගයක් වන සුකුක් බැඳුම්කර හිමියන්ට, අමෙරිකානු ඩොලර් මිලියන 25ක ගෙවීමක් ලබන මාසයේ සිදුකිරීමට නියමිතව ඇතත් මාලදිවයින් රජය එම සුකුක් බැඳුම්කර ගෙවීම පැහැරහැරීමේ අවදානමක් මතුවී ඇත.

මේ අතර ඉන්දීය විරෝධියෙක් ලෙස ප්‍රකට මාලදිවයින් වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසු පසමිතුරුකම් පසෙකලා ලබන සතියේදී ඉන්දියාවේ සංචාරය කිරීමටද නියමිතය.

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට ඉන්දියාවෙන් මූල්‍ය සහාය ලබාගැනීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com