ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ප්‍රභාත් ජයසූරිය වැනි ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් සමන්විතය.

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලිය තරග දෙකකින් සමන්විත වේ.

තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගාවලිය සැප්තැම්බර් 18වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය:

ධනංජය ද සිල්වා (නායක)
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
කමිඳු මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
ඕෂධ ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
ළහිරු කුමාර
ප්‍රබාත් ජයසූරිය
රමේෂ් මෙන්ඩිස්
ජෙෆ්රි වැන්ඩසේ
මිලාන් රත්නායක

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *