ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇත – එ.ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිනිය

ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇත - එ.ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිනිය

ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇත - එ.ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිනිය

ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ ආධාර හා ප්‍රතිසංස්කරණ අධීක්‍ෂණය කරන එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨතම නිළධාරිනිය වන සිග්රිඩ් කාග් පවසා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව සාමූහිකව ගාසා තීරයේ සිටින අහිංසක සිවිල් වැසියන්ගේ බලාපොරොත්තු සුන් කරවන බවයි.

ඇය සඳුදා දිනයේ (16) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ඉතා ඛේදනීය එකක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයේ තත්ත්වය ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ නිළධාරිනිය පෙන්වා දෙනවා.

මේ වන විට ගැටුම් හේතුවෙන් ගාසා හි පුද්ගලයන් 41,206 දෙනෙකු ඝාතනයට පත්ව තවත් 95,337 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *