ජනපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට මුදල් බෙදූ පුද්ගලයෙකු අත්අඩංගුවට

මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට
ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුදල් බෙදාදීමේ නිරත වූ පුද්ගලයෙකු මුතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ කින්නියා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු තම නිවස අවට පදිංචිකරුවන් වෙත රුපියල් 5000 බැගින් මුදල් බෙදාහැර ඇති බවයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.
මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයේදී ඡන්දදායිකයන් පෙළඹවීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සිදුකළ විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ ඉදිරියේදී දේශපාලනයට පිවිසීමේ අරමුණින් සැකකරු අදාළ ජනාධිපති අපේක්ෂකයා ප්‍රවර්ධනය කිරීමට මෙලෙස කටයුතු කර ඇති බවය.