ඊශ්‍රායල රජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විරෝධය තව දුරටත්

ඊශ්‍රායල රජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විරෝධය තව දුරටත්

ඊශ්‍රායල රජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විරෝධය තව දුරටත්

ඊශ්‍රායල රජයට හා අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළ කරමින් මෙම සති අන්තයේදීද ටෙල් අවිව් අගනුවර දී විරෝධතාවක් පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය පවසනවා.

ටෙල්අවිව් අගනුවරදී පසුගිය සෙනසුරාදා දිනයේ (14) පැවති විරෝධතා සඳහා දහස් ගණනක පිරිසක් සහභාගිවී සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

හමාස් ප්‍රාණ ඇපයේ පසුවන සියලු දෙනා කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් රජයට බලකර සිටිනවා.

හමාස් භාරයේ තවමත් ප්‍රාණ ඇපකරුවන් සියයකට ආසන්න සංඛ්‍යාවක් පසුවන අතර ඔවුන් නිදහස් කර ගැනීමට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එකඟතාවයකට එළඹිය යුතු බවද විරෝධතාකරුවන් පෙන්වා දෙනවා.

මීට සති දෙකකට පමණ ඉහත දී ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ මළ සිරුර සොයා ගැනීමත් සමඟ ඊශ්‍රායලය රජයට එරෙහි විරෝධතා ඉහළ ගිය බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය සති අන්තයේ පැවති විරෝධතා සඳහා 750,000ක පමණ පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *