රුසියා රාජ්‍ය මාධ්‍යය වෙත ඇමරිකාවෙන් නව සම්බාධක

රුසියා රාජ්‍ය මාධ්‍යය වෙත ඇමරිකාවෙන් නව සම්බාධක

රුසියා රාජ්‍ය මාධ්‍යය වෙත ඇමරිකාවෙන් නව සම්බාධක

ඇමරිකාව රුසියා රාජ්‍ය මාධ්‍යය වෙත නව සම්බාධක පනවා තිබේ.

ඇමරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් රුසියානු ආර්ටී මාධ්‍ය නාලිකාව වෙත නව සම්බාධක පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

එය රුසියා බුද්ධි අංශයේ කොටසක් බවට ඇමරිකාව චෝදනා කරනවා.

රුසියානු රජය ආර්ටී රූපවාහිනිය තුළ සයිබර් මෙහෙයුම් හැකියාවන් හා රුසියානු ඔත්තු සේවා සමඟ බැඳීම් ඇති ඒකකයක් ස්ථාපිත කර ඇති බව බ්ලින්කන් පවසනවා.

කෙසේ වෙතත් බොහෝ RT කාර්ය මණ්ඩලය ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ඇති බවත්, ඇමරිකාවේ අරමුදල් ඔවුන් සතුව ඇති බවත් වාර්තා වනවා.

2024 ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර රුසියානු බුද්ධි අංශ සමඟ සම්බන්ධීකරණයෙන් මෝල්ඩෝවාගේ දේශපාලනයට බලපෑම් කිරීමට ආර් ටී මාධ්‍ය ජාලය උත්සාහ කර ඇති බවද ඔහු පවසා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *