ඔක්තෝබර් 1 සිට අදියර කිහිපයකින් වාහන ආනයනයට අනුමැතිය

2025 වසරේ අගෝස්තු දක්වා ඩොලර් බිලියනයක වාහන ආනයනය කරලා
මෙම වර්ෂයේ ඔක්තෝබර් මස පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අදියර කිහිපයක් යටතේ සිදුකෙරෙන වාහන ආනයනය ඔක්තෝබර් 01 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි. ඒ අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන වාහන පළමුවෙන් ආනයනය කිරීමට අවසර ලැබෙයි.
වානිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිටය. ඊට අමතරව මෝටර් රථ එළඹෙන වසරේ පෙබරවාරි පළමුවැනිදා සිට ආනයනය කිරීමට නියමිතව ඇති බව සඳහන්ය.
කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද හේතුවෙන් 2021 වසරේදී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේය.
අනතුරුව ඇතිවූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් එම තහනම/සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට මෙරට බලධාරීන් තීරණය කළේය
එසේම භාන්ඩ වර්ග 2,000කට වැඩි ප්‍රමාණයක ආනයන නවතා දමා තිබූ අතර වරින් වර එම සීමාවන් ඉවත් කරනු ලැබීය.