කෝටි 3ක් වටිනා භාණ්ඩ තොගයක් සමග 06 දෙනෙකු අත්අඩංගුවට

කෝටි 3ක් වටිනා භාණ්ඩ තොගයක් සමග 06 දෙනෙකු අත්අඩංගුවට

කෝටි 3ක් වටිනා භාණ්ඩ තොගයක් සමග 06 දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත වන විස්කි, එනසාල්, දුරකථන, ඇදුම් ඇතුළු භාණ්ඩ තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වෙන් වූ රක්ත මාවත ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් 06 දෙනෙකු සමග ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අතර කොළඹ – 13, කොළඹ – 15, කොළඹ හෙට්ටිවීදිය, හැටන් – කොටගල, වත්තල හේකිත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් සහ ඉන්දීය ජාතික එක් ගුවන් මගියෙකුද වූහ.

මොවුන් බදාදා දින (11) අලුයම 04.30ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-174 දරන ගුවන් යානයෙන් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විවිධ වර්ගවල විස්කි සහ වොඩ්කා බෝතල් 159ක්, මෙරටට ආනයනය තහනම් කර ඇති එනසාල් කිලෝ ග්‍රෑම් 05ක්, චොක්ලට්, ස්වර්ණාභරණ ලෙස සකස් කළ ආභරණ තොගයක්, සුදු යකඩ මුදු, මාළ තොගයක්, ස්ථාවර දුරකථන සහ කමීස තොගයක්ද විය.

මෙසේ අත් අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *