ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් රැසකට දිවි අහිමි වේ

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් රැසකට දිවි අහිමි

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් රැසකට දිවි අහිමි

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අඟහරුවාදා දින (10) රාත්‍රියේ පමණක් පලස්තීන වැසියන් 27 දෙනෙකු ඝාතනයට පත්වි තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ඛාන් යුනිස් හි ගොඩනැගිල්ලකට එල්ල කළ ප්‍රහාරයකින් ඝාතනයට පත්වු 13 දෙනාද මෙම පිරිසට අයත්. සෙසු පිරිස පාබල සටන් වලින් ඝාතනයට පත්වු අයයි.

මේ අතර ගාසා හි දකුණු ප්‍රදේශයේ අල්-මවාසි සරණාගත කඳවුරට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර ලෝක නායකයින් රැසක් මේ වනවිට හෙලා දැක තිබෙනවා.

එම ප්‍රහාර සඳහා ඊශ්‍රායලය ඇමරිකාවේ නිෂ්පාදිත රාත්තල් 2,000ක බරින් යුතු එම් කේ 84 බෝම්බ භාවිතා කළ බවට පලස්තීනය චෝදනා කරනවා.

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයන් 41,020 ක් ඝාතනයට පත්වි තිබෙන අතර තවත් 94,925 දෙනෙකු තුවාල ලබා සිටිනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *