ට්‍රැෆික් දඩ ගෙවීමට ඉලෙක්ට්‍රොනික විසඳුම්

ට්‍රැෆික් දඩ ගෙවන්න ඉලෙක්ට්‍රොනික විසඳුම් දෙන්න සැපයුම්කරුවන් දෙන්නෙක්

ට්‍රැෆික් දඩ ගෙවන්න ඉලෙක්ට්‍රොනික විසඳුම් දෙන්න සැපයුම්කරුවන් දෙන්නෙක්

රථ වාහන මාර්ග නීති උල්ලංඝණය වූ අවස්ථාවලදී අධිකරණයට ඉදිරිපත් නොකරන වැරදි සඳහා අය කෙරෙන දඩ මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් හඳුන්වා දීම සඳහා සුදුසු සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස ද්විත්ව කවර ක්‍රමය යටතේ යෝජනා කැඳවා ඇත.

ඒ සඳහා ලංසුකරුවන් 09 දෙනෙකු විසින් යෝජනා ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය මත පදනම්ව අදාළ ප්‍රසම්පාදනය Millenium I.T.E.S.P (Pvt) Ltd. and Metropolitan Technologies (Pvt) Ltd. Joint Venture වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *