රාජ්‍ය සේවා කොමිසමේ සාමාජික ධුරයට අයදුම්පත්‍ර කැඳවයි

රාජ්‍ය සේවා කොමිසමේ සාමාජික ධුරයට අයදුම්පත්‍ර කැඳවයි

රාජ්‍ය සේවා කොමිසමේ සාමාජික ධුරයට අයදුම්පත්‍ර කැඳවයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇති වී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා ඒ සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් අයදුම්පත්‍ර කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි යම් තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, පළාත් සභා මන්ත්‍රීවරයෙකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වේ නම් එවැනි තැනැත්‍තෙකුට මෙම තනතුර සඳහා ඉල්ලුම් කළ නොහැකි බව සඳහන්.

රජයේ නිලධාරියෙකු හෝ අධිකරණ නිලධාරියෙකු හෝ වශයෙන් රජයේ සේවයේ නිරතව සිටින කෙනෙකු මෙම තනතුනට ඉල්ලුම් කර ඔහුට හෝ ඇයට එම තනතුර හිමි වුවහොත් පෙර සිදුකළ රාජකාරිය නැවැත්වීමට සිදුවන අතර රාජ්‍ය නිලධාරියෙකු හෝ අධිකරණ නිලධාරියෙකු ලෙස තවදුරටත් පත් කරනු ලැබීමට ඒ තැනැත්තා නුසුදුස්සෙකු වනු ඇති බවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහන් කරනවා.

මේ සඳහා වන අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ www.parliament.lk ක්ෂණික සබැඳි යටතේ ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමින් පළකර ඇති බව සඳහන්.

අදාළ ආකෘතිය අනුව පිළියෙළ කර, සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ලබන 23දින හෝ එදිනට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකළ යුතු වනවා.

එසේත් නැතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයටද එම අයදුම්පත්‍ර යොමු කළ හැකියි.

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතු වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *