ලෝක වාර්තාවක් සමගින් පැරා ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත් සමිත දුලාන්

ලෝක වාර්තාවක් සමගින් පැරා ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත් සමිත දුලාන්

ලෝක වාර්තාවක් සමගින් පැරා ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගත් සමිත දුලාන්

ශ්‍රී ලංකාවේ සමිත දුලාන් මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේය.

ඒ, නව ලෝක වාර්තාවක්ද සමගින්ය.

සමිත දුලාන් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වට එක්වූ අතර මීටර 67යි දශම 0යි 3ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ඔහුට හිමිවුණේ රිදී පදක්කමයි.

එෆ් 64 කාණ්ඩයේ ක්‍රීඩකයන්ගේ ආබාධ වලට අනුව ඔවුන් තවදුරටත් එෆ් 42, 44, 62 සහ 64 ලෙස වර්ග කරයි.

ඒ අනුව එෆ් 44 කාණ්ඩයට ඇතුළත්ව සිටි සමිත දුලාන්ගේ දක්ෂතාව එම කාණ්ඩයේ ලෝක වාර්තාවක් ලෙස සටහන් විය.
මින් පෙර එහි ලෝක වාර්තාව සතු වූයේද සමිත දුලාන්ටයි.

මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ F 64 හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ඉන්දියාවේ සුමිත් ඇන්ටිල්ය.

මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේද ඔහුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *