නෙතන්යාහු සිය රටින් සමාව ඉල්ලයි

නෙතන්යාහු සමාව ඉල්ලයි

නෙතන්යාහු සමාව ඉල්ලයි

ගාසා තීරයේදී මියගිය ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති, බෙන්ජමින් නෙතන්යාහු සිය රට වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

ඊශ්‍රායල අගමැතිවරයා ජාතිය අමතමින් අවධාරණය කර සිටියේ, තම හමුදාව, හමාස් සංවිධානය සමඟ සාකච්ඡා කිරීමේදී උපාය මාර්ගික වශයෙන් වැදගත් බිම් තීරයක් වන ගාසා හි ෆිලඩෙල්පි කොරිඩෝව පාලනය කළ යුතු බවයි.

ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීම පිළිබඳ ගැටලු හේතුවෙන් එක්සත් රාජධානිය ඊශ්‍රායලයට ආයුධ අලෙවි කිරීම අත්හිටුවා ඇත.

එමෙන්ම, ඊශ්‍රායලයට එරෙහිව එල්ල වන ජාත්‍යන්තර පීඩනය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තම ආදරණීයයන් නැවත ගෙන්වා ගැනීමට අපොහොසත් වීම නිසා ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සංවිධාන කළ විරෝධතාවලට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *