මිනිස් ක්‍රියාකාරකම් නිසා දෙමෝදර ආරුක්කු නවයේ පාලම අවධානමක

මිනිස් ක්‍රියාකාරකම් නිසා දෙමෝදර ආරුක්කු නවයේ පාලම අවධානමක

මිනිස් ක්‍රියාකාරකම් නිසා දෙමෝදර ආරුක්කු නවයේ පාලම අවධානමක

දෙමෝදර ආරුක්කු නවයේ පාළම ආසන්නයේ පස් කඳු කොටසක් නාය යෑමේ අවධානම් තත්ත්වයක් සහ ලක්ෂණ පෙන්නුම් කරන බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් මාර්ගයට සහ පාලමට අවධානම් තත්ත්වයක් ඉදිරියේදි ඇති වීමට ඉඩ ඇති බවින් එය වැළක්වීම සදහා මෙම ස්ථානයේ මේ දින වල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා.

මීට වසර කිහිපයකට ඉහතදි ආරුක්කු නවය පාළම අවට ප්‍රදේශයේ කිසිදු ඉදි කීරීමක් නොතිබූ අතර කඳු බෑවුමේ ඉහල කොටසේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත මේ දේ සිදුව ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, දේශීය මෙන් ම විදේශීය සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් දිනා ගත් මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමක් බැවින් එහි සොබා සුන්දරත්වය රැකෙනා පරිදි කටයුතු කිරීම ඔබගේද යුතුකමක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *