බුර්කිනා ෆාසෝ හි ත්‍රස්ත ප්‍රහාරයකින් 400 ඉක්මවූ පිරිසක් ඝාතනයට

බුර්කිනා ෆාසෝ හි ත්‍රස්ත ප්‍රහාරයකින් 400 ඉක්මවූ පිරිසක් මියගොස්
බුර්කිනා ෆාසෝ හි ගම්මානයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 400 ඉක්මවූ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බුර්කිනා ෆාසෝ හි වගාඩුගෝ අගනුවර ආසන්නයේ පිහිටි ගම්මානයකට එල්ලවූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ද සිය ගණනක් මියගොස් ඇති බව වාර්තා වෙයි.
එරට හමුදා ජුන්ටාව මරණ ගණන නිල වශයෙන් තහවුරු කර නැතත් වින්දිතයින්ගේ ඥාතීන්ගේ සාක්ෂි අනුව ඝාතනය වී ඇති පිරිස 400 ඉක්මවන බව අනාවරණ වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
මෙලෙස ඝාතනයවී ඇත්තේ හමුදාවේ අණ පරිදි ආරක්ෂිත භූගත අගල් කණිමින් සිටි පිරිසකි.
අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට අනුබද්ධිත ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර සිවිල් වැසියන් ඉලක්ක කළ බවට වන චෝදනා ඔවුන් ප්‍රතික්ෂේප කරයි.
කෙසේ වුවද එරට හමුදා ජුන්ටාව පවසන්නේ, සිවිල් වැසියන්ද මෙම මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් වී ඇති බවය.