පාස්පෝට් ගැටලුවට රජය වෙනුවෙන් අලි සබ්රි සමාව අයදියි

පාස්පෝට් ගැටලුවට රජය වෙනුවෙන් සමාව අයදිනවා - අලි සබ්රි

පාස්පෝට් ගැටලුවට රජය වෙනුවෙන් සමාව අයදිනවා - අලි සබ්රි

ගමන් බලපත්‍ර ගැටලුව පිළිබඳව රජය වෙනුවෙන් තමා සමාව අයදින බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ක්‍රමයක් සැලසුම් කර ඇති බවත් එය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඇණවුම් කළ නව විදේශ ගමන් බලපත්‍ර ඔක්තෝබර් 16සිට ලැබෙන බවයි.

මේ අතර ගමන් බලපත්‍ර ගැටලුව සඳහා විසඳුමක් ලැබෙන තුරු පැමිණි අනුපිළිවෙළට දිනකට ගමන් බලපත්‍ර 750 බැගින් නිකුත් කිරීම පමණක් ක්‍රියාත්මක කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමිත වීම හේතුවෙන් ඒවා නිකුත් කිරීම සීමා කිරීම මෙම තත්ත්වයට හේතුවයි.

මේ අතර නිව්ස්ෆස්ට් කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේ, බ්‍රහස්පතින්දා (29) දිනය තුළ පමණක් ගමන් බලපත්‍ර 1090ක් නිකුත් කළ බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *