ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකට එරෙහිව වාරණ නියෝගයක්

0
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අලි සහිර් මවුලානා මහතාගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය බදාදා දින (28) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ මහලේකම් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අලි සහිර් මවුලානා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරුන්ට එරෙහිවය. එම වාරණ නියෝගය එළැඹෙන සැප්තැම්බර් 11වනදා දක්වා බලපැවැත් වෙයි.

පැමිණිලිකරු කියා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහාය දක්වන්නේද? යන්න තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය අගෝස්තු මස 04වනදා රැස්වූ බවය.

එම උත්තරීතර මණ්ඩල රැස්වීමට තමන් සහභාගි නොවූ බවත් එහිදී පක්ෂය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබුණද එම තීරණය තමන්ට දැනුම්දී නොතිබූ බව පැමිණිකරු කියයි.

එසේ තිබියදී තමන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව විනය ක්‍රියාමාර්ගයකින් තොරව තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com