නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියෙක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගෝස්තු මස 16 වන දින සිට මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා වෙත නිල වශයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර තිබෙනවා.