ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම ඉහළට

0
ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයකට මහ සභා රැස්වීමේදී අනුමැතිය

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයකට මහ සභා රැස්වීමේදී අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ ශුද්ධ ආදායම බිලියන 12.1ක් වන බවට තොරතුරු වාර්තා වනවා.

එය 2022 වසරේ ආදායමට සාපේක්ෂව සියයට 105ක වැඩිවීමක් බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2023 මූල්‍ය වර්ෂයට අදාළ විගණනය ඉරිදා දිනයේදි (25) පැවැත්වු අතිවිශේෂ මහා සභා රැස්වීමට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී එය ඒකමතිකව අනුමත වූ බව සඳහන්.

ශුද්ධ ආදායමේ සැලකිය යුතු වැඩිවීමක් මූලික වශයෙන් ප්‍රධාන ආදායම් මාර්ග හතරට හේතු වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට්, දේශීය ක්‍රිකට්, අනුග්‍රාහක ගිවිසුම් සහ ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබීම ඒ අතර වනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com