පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08ක්

පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08ක්

පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08ක්

පැරිස් 2024 පැරාලිම්පික් තරගාවලිය ලබන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැරිස්හි දී පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා රටවල් 189ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4400කට අධික පිරිසක් සහභාගීවීමට නියමිතය.
එහි දී ඔවුන් ඉසව් 22ක් යටතේ තරග වදිනු ඇත. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු සහභාගී වන අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, සමිත දුලාන්ටය. හෙල්ල විසි කිරීමේ F44 ඉසව්ව යටතේ ඔහු තරග කිරීමට නියමිතව තිබේ.

නුවන් ඉන්දික තරග කරනු ලබන්නේ මීටර් 100 T44 ඉසව්වටයි. F42/63 යගුලිය විසි කිරීමේ ඉසව්වට පාලිත බණ්ඩාර සහභාගී වනු ඇත. මීටර 100 ඨT42/63 තරග ඉසව්වට අනිල් ජයලත් ක්‍රීඩා කරන බවයි, ජාතික පැරාලිම්පික් කමිටුව සඳහන් කළේය.

ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 T46 ඉසව්වටත් සුරේෂ් ධර්මසේන රෝදපුටු ටෙනිස් තරගයටත් ක්‍රීඩා කරනු ලබයි. නවීඩ් රහීම් පිහිනුම් S9 ඉසව්වට සහභාගී වීමට නියමිතය. ජනනි ධනංජනා දුර පැනීම ඨ්47 ඉසව්ව සඳහා එක්වනු ඇත.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන 25වැනිදා පැරිසිය බලා පිටත් වීමට නියමිත බවයි, ජාතික පැරාලිම්පික් කමිටුව වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *