මැතිවරණ ප්‍රචාරණ සඳහා ජාතික කොඩිය සහ ආගමික සංකේත තහනම්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජාතික කොඩිය හෝ ආගමික ලකුණු යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජාතික කොඩිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිත කරන පාර්ශ්ව සඳහා දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවයි.
ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව එම කොමිසම සඳහන් කරන අතර ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම තහනම් බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.