බෙලරුසියාව දේශසීමාවට භටයින් 120,000ක්

0
බෙලරුසියාව දේශසීමාවට භටයින් 120,000ක්

බෙලරුසියාව දේශසීමාවට භටයින් 120,000ක්

බෙලරුසියාව සහ යුක්‍රේනය සිය දේශසීමාවේ හමුදා ශක්තිය වැඩි කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පැවසුවේ යුක්‍රේනය, දේශසීමාව ආසන්නයේ හමුදා භටයින් 120,000ක් පමණ ස්ථාන ගත කර ඇති බවයි. ලුකෂෙන්කෝ, රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගේ සමීපතමයෙකි.

මේ අතර ලුකෂෙන්කෝ පවසා ඇත්තේ යුක්‍රේන ක්‍රියාවට ප්‍රතිචාර ලෙස සිය හමුදාවෙන් වැඩි ප්‍රමාණයක් දේශසීමාවේ ස්ථානගත කළ බවයි.

බෙලරුසියාවේ වෘත්තීය හමුදාව 48,000ක් පමණ වන අතර දේශසීමා බළකාය භටයින් 12,000කින් පමණ යුක්තය.
යුක්‍රේන හමුදාව මේ වනවිට රුසියාව තුළටම ගොස් හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එය පුටින් බලාපොරොත්තු නොවූ ආක්‍රමණයක් බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com