මාස 10ක් තුළ ගාසාහි පාසල් 500කට වැඩි ප්‍රමාණයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

මාස 10ක් තුළ ගාසා තීරයේ පාසල් 500කට වැඩි ප්‍රමාණයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

මාස 10ක් තුළ ගාසා තීරයේ පාසල් 500කට වැඩි ප්‍රමාණයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

පසුගිය මාස 10ක කාලය තුළ ඊශ්‍රායලය ගාසා තීරයේ පාසල් 500කට වැඩි ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේද ඊශ්‍රායලය ගාසා තීරයේ පාසලකට එල්ල කල ප්‍රහාරයකින් 100කට වැඩි පිරිසක් ඝාතනයට පත් විය.

සෙනසුරාදා උදෑසන යාඥා මෙහෙයක් අතරතුර අල්-තල්බින් පාසලට මෙම ප්‍රහාරය එල්ල වු අතර හමාස් හා පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් පාසලේ සිට ක්‍රියාත්මක වන බවට චෝදනා කරමිනුයි ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ලකර තිබුණේ.

එහෙත් එය හමාස් සටන්කාමීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරයේ පාසල්, රෝහල් හා විශ්වවිද්‍යාල ගණනාවකට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇත්තේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර හමුදා කටයුතු සඳහා භාවිත කළ බව පවසමින්.

මේ අතර පසුගිය දින 10ක කාලයක් තුළ ඊශ්‍රායල හමුදා ගාසා තිරයේ පාසල් පහකට ප්‍රහාර එල්ල කළ අතර 179 දෙනෙකු ඝාතනයට පත් වි තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *