ලිංගික අපයෝජන අයිතිය හමුදා සොල්දාදුවන් හට ඉල්ලමින් ඊශ්‍රායලයේ උද්ඝෝෂණ

බලහත්කාරයෙන් කඳවුරුවල රඳවාගෙන සිටින පලස්තීන ජාතිකයින් ලිංගික අපයෝජනය කිරීමේ අයිතිය හමුදා සොල්දාදුවන්ට ලබා දෙන ලෙස ඉල්ලා දහස් ගණනින් ඊශ්‍රායල් ජාතිකයින් ස්ථාන කිහිපයක උද්ඝෝෂණය කළ බව වාර්තා වේ. පලස්තීන ජාතිකයින් සමූහ ලිංගික අපයෝජනයට ලක් කළ සොල්දාදුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීමෙන් පසුව, එම සොල්දාදුවන් නිදහස් කිරීමේ අරමුණින් ඊශ්‍රායෙල් ජාතිකයින් මෙම උද්ඝෝෂණ සංවිධානය කර ඇත.

නෙගෙව් කාන්තාරයේ පිහිටි ස්ඩෙ ටෙයිමාන් (Sde Teiman) වධකාගාරය තුළ රඳවා ගෙන සිටි පලස්තීන ජාතිකයින් කණ්ඩායමක් ඊශ්‍රායෙල් සොල්දාදුවන් විසින් සමූහ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට නිකුත් විමෙන් පසු එම සොල්දාදුවන් මෙලෙස අත්අඩංගුවට පත්විය. ඊශ්‍රායෙල් ජාතිකයන්ගේ සහ ජනමාධ්‍යවේදීන්ගේ විරුද්ධත්වය මැද එම සොල්දාදුවන් නිදහස් කර ඇත.

පලස්තීන ජාතිකයින්ට ලිංගික බලහත්කාරකම් කිරීම වරදක් නොවන බවත් ඔවුන්ට එයට වඩා යමක් කළ හැකි නම් එයද කළ යුතු බවත් ඊශ්‍රායල් ජාතික මාධ්‍යවේදී යහූදා ෂ්ලේස්ලිංජර් ප්‍රසිද්ධ වේදිකාවක ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල් මුදල් ඇමති බෙසලෙල් ස්මොට්රිචි ට්විටර් පණිවිඩයක් හරහා “දඬුවම් කළ යුත්තේ එම සොල්දාදුවන් නොව, වීඩියෝව මාධ්‍යයට නිකුත් කළ පුද්ගලයින්” යැයි පවසා සිටියේය.
රටේ ආරක්ෂාව වෙනුවෙන් සොල්දාදුවන්ට ඕනෑම දෙයක් කළ හැකි විය යුතු යැයි ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති ඉටමාන් බෙන්-ග්විර් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *