මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කෙරේ

මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කරයි

මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කරයි

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.

මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී සලකුණු 206 ක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව පසුගිය සිකුරාදා (09) දිනයේද පැමිණිලි සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම සියලු පැමිණිලි මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වන බව එම කොමිසම සඳහන් කළේය.

ඒ අනුව ජාතික පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 112ක් ලැබී ඇත.

පසුගිය ජුලි මස 31වනදා සිට අගෝස්තු 9 වෙනි දින දක්වා ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 269කි. එම පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිල්ලක් සහ වෙනත් පැමිණිලි 02ක් වන බවද සඳහන්ය.

සෙසු පැමිණිලි 266ම මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් වන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.




About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *