ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් වෙනුවෙන් වෘත්තීමය ගෞරව නාමයක්

ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් වෙනුවෙන් වෘත්තීමය ගෞරව නාමයක්

ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් වෙනුවෙන් වෘත්තීමය ගෞරව නාමයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට පුරෝගාමී දායකත්වයක් සපයන ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් උදෙසා “වියමන්වරිය” යන වෘත්තීමය ගෞරව නාමය හඳුන්වාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ඇඟලුම් ක්ෂේත්‍රයේ නිරත කාන්තාවන් වෙනුවෙන් මෙවැනි වෘත්තීමය ගෞරව නාමයක් ලබාදීම පිළිබඳව කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමා ඉතාමත් සතුටට පත්වන බව මෙහිදී කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

කොළඹ විශාඛා විද්‍යාලයීය වාණිජ සංගමය විසින් සංවිධානය කළ “විනිමය වියමන 24” වාණිජ දිනයට සමගාමීව මෙම ව්‍යාපෘතිය සිදුකර ඇති අතර අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඒ සඳහා මූලිකත්වය ගැනීම පිළිබඳව විශාඛා දියණියන්ට තම ස්තුතිය පුද කරන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *