මහාචාර්ය මුහම්මද් යුනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායකත්වයට

මහාචාර්ය මුහම්මද් යුනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායකත්වයට

මහාචාර්ය මුහම්මද් යුනුස් බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායකත්වයට

බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායකත්වයට නොබෙල් සාම ත්‍යාගලාභී මහාචාර්ය මුහම්මද් යුනුස් පත් කර තිබෙනවා.

84 හැවිරිදි යුනුස් අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබුවේ සති කිහිපයක නොසන්සුන්තාවකින් පසුව ශෙයික් හසීනා හිටපු අගමැතිනිය ඉල්ලා අස්ව රටින් පළා යාමත් සමඟයි.

ක්ෂුද්‍ර ණය භාවිතය සම්බන්ධයෙන් මහාචාර්ය යුනුස් පුරෝගාමී මෙහෙවරක් කළ අයෙක්.

හිටපු අගමැතිනියගේ සතුරෙකු ලෙස ඔහු සලකනු ලැබූ අතර ප්‍රාදේශීය අධිකරණයක් ඔහුට දේශපාලනික සිර දඬුවම්ද නියම කර තිබුණා.

විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ව්‍යාපාර කියා සිටියේ තමන් මිලිටරි නායකත්වයෙන් යුත් රජයක් පිළි නොගන්නා බවයි.
ඒ හෙතුවෙන් අන්තර්වාර පරිපාලනය මෙහෙයවීම සඳහා මහාචාර්ය යුනුස් පත්‍කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු නම් කිරීමට තීරණය කර ඇත්තේ බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්. හමුදා නායකයින් සහ ශිෂ්‍ය නායකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර සිට ඔහු ඩකා වෙත ආපසු පැමිණෙනු ඇති. 1983දී මහාචාර්ය යුනුස් විසින් බංග්ලාදේශ ග්‍රාමීන් බැංකුව ආරම්භ කරන ලද අතර එය දුප්පත් ජනතාවට තමන්ගේම කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට උපකාර කිරීම සඳහා කුඩා හා දිගු කාලීන ණය ලබා දීම සිදු කරනවා.

එතැන් සිට මෙම සංකල්පය ලොව පුරා පැතිර ගිය නිසාවෙන් 2006දී මහාචාර්ය යුනුස්ට ග්‍රාමීන් බැංකුව පිහිටුවීම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබුවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *