සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණයෙහි වර්ධනයක්

දේශීය ණය ප්‍රශස්තිකරණය සම්බන්ධයෙන් වූ සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමත් සමග පැවති අවිනිශ්චිතභාවය හේතුවෙන් සංසරණයෙහි පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණයෙහි යම් වර්ධනයක් වාර්තා වූ බව මහ බැංකුව පවසනවා.

අප්‍රේල් මස උත්සව සමය තුළදීද එය සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර, ඉන්පසුව සාමාන්‍ය ආර්ථික තත්ත්ව පවතින කාල සීමාවලදී දක්නට ලැබෙන ප්‍රවණතාවට සමානව පහළ ගියා.

බදු පැනවීමේ ක්‍රියාමාර්ගවලට මුහුණ දීමේ ආරක්ෂණයක් ලෙස ව්‍යවහාර මුදල් ළඟ තබා ගැනීමට ඇති කැමැත්ත ඉහළ යෑම සහ තැන්පතු පොලී අනුපාතික අඩු වීම හේතුවෙන් මුදල් ළඟ තබා ගැනීමේ ආවස්ථික පිරිවැය අඩු වීම 2024 වසර තුළදී සංසරණයෙහි පවතින මුදල් ඉහළ යෑමට හේතු වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *