හාල්වල ඇති කැඩ්මි­යම්, ඊයම් වැනි බැර ලෝහ වකු­ගඩු රෝග­ව­ලට හේතු­වක්

හාල්වල ඇති කැඩ්මි­යම්, ඊයම් වැනි බැර ලෝහ වකු­ගඩු රෝග­ව­ලට හේතු­වක්

හාල්වල ඇති කැඩ්මි­යම්, ඊයම් වැනි බැර ලෝහ වකු­ගඩු රෝග­ව­ලට හේතු­වක්

සහ­ල්වල කැඩ්මි­යම් සහ ඊයම් යනාදි බැර ලෝහ අඩංගු බවට සිදු කරන ලද පර්යේ­ෂ­ණ­ය­කින් තහ­වුරු වී ඇතැයි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ආහාර පාලන ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද ජය­ලාල් මහතා පැව­සීය.

හඳුනා නොගත් වකු­ගඩු රෝගීන්ට එය හේතු­වක් වී ඇතැයිද ඒ මහතා කීවේය.

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති ආහාර සම්බ­න්ධව සමා­ජයේ පව­තින දුර්මත සම්බ­න්ධ­යෙන් වූ මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව ජූලි 31 වනදින පැව­සු­වේය.

සෑම ආහා­ර­යක්ම අගුණ වන අතර ග්‍රෑම් 200ක බත් පිඟන් තුනක් තුන් වේලට කෑම අගුණ බවත් එම­ඟින් දිය­වැ­ඩි­යාව, අධි රුධිර පීඩ­නය, ස්ථූල­තාව යනාදි රෝග­ව­ලට ගොදුරු විය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආහාර මඟින් ඇතැම් රෝග සුව කළ හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචා­ර­ව­ලට නොරැ­ව­ටෙන ලෙස

ආහාර මඟින් යම් රෝග­යක් සුව­පත් කළ හැකි බවට පව­සන්නේ නම් ඒ සම්බ­න්ධ­යෙන් විධි­මත් විද්‍යා­ත්මක පරී­ක්ෂ­ණ­යක් සිදු කර මෙරට ප්‍රධාන ආහාර බල­ධා­රියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යා­ගෙන් අව­සර ගත යුතු බව ද ඒ මහතා පැව­සු­වේය.

පෝෂ­ණය, ශරීර ක්‍රියා­කා­රී­ත්වය, ශක්තිය යනා­දිය ආහා­ර­ව­ලින් ලබා ගැනීම සිදු කරන අතර රෝග සුව­පත් කර ගැනීම සඳහා ආහාර නොව ඖෂධ භාවි­තය සිදු විය යුතු යැයිද ඔහු පැව­සු­වේය.

පුද්ග­ල­යකු කිලෝ­ග්‍රෑම් 2.8ක් සති­ය­කට සහල් අනු­භව කරන අතර තිරිඟු පිටි කිලෝ 32ක්ද පාන් 12ක්ද සීනි කිලෝ 24ක්ද අනු­භව කරන බවත් එම­ඟින් කාබෝ­හ­යි­ඩ්‍රේට් ශරී­ර­යට ලැබෙන ප්‍රමා­ණය ඉහළ යන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ආහාර විවි­ධාං­ගී­ක­ර­ණය විය යුතු බවත් එසේ නොවන්නේ නම් පෝෂණ ඌන­තා­වන් ඇති වීම සිදු වන බවත් ඒ මහතා පැවසිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *