ශ්‍රී ලංකා – අමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

ශ්‍රී ලංකා – අමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

ශ්‍රී ලංකා – අමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

අමෙරිකානු ආරක්ෂක අංශ සහ මෙරට ගුවන් හමුදාව එක්ව, ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වීමට නියමිතව තිබෙනවා.

‘ඇට්ලස් ඒන්ජල්’ නමැති එම ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා අමෙරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ මාලදිවයින් ආරක්ෂක හමුදාවද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ස්වභාවික හා මිනිසා විසින් සාදන ලද ඒවාට සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමිනුයි එම යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ.

ඒ අනුව ලබන අගෝස්තු 5 වනදා සිට 9 වනදා දක්වා මෙම යුද අභ්‍යාසය පැවැත්වෙන අතර ඊට අමෙරිකාවෙන් 70කට අධික පිරිසක් සහභාගී වීමටද නියමිතයි.

එමෙන්ම හර්කියුලිස් වර්ගයේ ගුවන් යානා දෙකක් සමඟින් මාලදිවයිනෙන් පිරිසක්ද මීට සම්බන්ධ වන අතර ආපදා ප්‍රතිචාර දැක්වීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් පෝෂණය කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීමද අදාළ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණ වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *