ජ්‍යේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා වූ විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙතට

ජ්‍යේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා වූ විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙතට

ජ්‍යේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා වූ විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙතට

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සෙනසුරාදා දිනයේ(03) රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මෙසේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ බොහෝ ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ තමන් විශ්‍රාම යාමේදී හිමි වූ පාරිතෝෂිකය හෝ බැංකු තැන්පතුව ආදියට ලැබෙන ස්ථාවර පොලිය බවයි.

ණය ලබාගත් පිරිස් විසින් පසුගිය වකවානුවේදී, රටේ බැංකු පොලී අනුපාතිකය අඩු කරන ලෙස වශයෙන් ඉල්ලීම් කළ බවත්, ඒ අනුව එම ණය පොලී අනුපාතය අඩු කිරීමේදී නැතැතින්ම සිදුවන පරිදි බැංකු ස්ථාවර තැන්පතු පොලී අනුපාතයද පහළ ගිය බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

මීට පෙර අවස්ථාවන්වලදී එවැනි තත්ත්වයක් ඇති වූ විට රජය යම් ප්‍රතිශතයක පොලී අනුපාතියක් එකතු කර ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ගෙවීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ ආකාරයෙන් බැංකු විසින් වැඩිපුර ගෙවූ පොලී සඳහා රුපියල් බිලියන 88ක මුදලක් රජය විසින් බැංකු වෙත ගෙවිය යුතුව ඇති බවයි සඳහන් කළේ.

ඒ අනුව එක් පසෙකින් රුපියල් බිලියන 88ක මුදලක් බැංකු වලට ගෙවීමට තිබියදී අනෙක් පසින් ගිණුම් හිමියන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් පොලී අනුපාතිකය අඩුවීමේ ගැටළුවට මුහුණදී සිටින අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි භාණ්ඩාගාරයට මෙම ගැටළුවට ලබාදිය හැකි පිලිතුර සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව එයට සාධනීය පිළිතුරක් ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ලබාදෙනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *