2024 පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

විගමනික ශ්‍රමික ප්‍රජාවගෙන් මුල් මාස 07ට රු. බිලියන 964ක්

විගමනික ශ්‍රමික ප්‍රජාවගෙන් මුල් මාස 07ට රු. බිලියන 964ක්

2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය වසරේ මුල් මාස හය තුළ ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 2823ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය මෙම වසරේ එම කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3144 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියේය.

සංචාරක ඉපැයීම් 80%ක් වර්ධනය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1557ක අගය සටහන් කරමින් වන අතර පසුගිය වසරේ එම අගය දැක්වුණේ මිලියන 875ක් ලෙසය.

එම කාලය තුළ අපනයන 4.7%කින් ඉහළ ගොස් ඇති අතර ආනයනද 6.4%කින් වර්ධනය වී තිබේ.
ඒ අතරින් ආයෝජන භාණ්ඩ වර්ධනය 24.7%ක් බව සඳහන්ය.

රුපියලේ අගය ද එම කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1%කින් ඉහළ ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *